The Annular Solar Eclipse
on 2010 January 15th
2010 ජනවාරි, වළයාකාර සූර්යග්‍රහණය
දුර්ලභ, චමත්කාර දර්ශණයක් වන යමෙකුට ජීවිත කාලයකදී එක්වරක් පමනක් සියැසින් දැකගත හැකි මෙම අති දුර්ලභ අවස්ථාව සියැසින්
දැක ගැනීමට ඔබත් සූදානම් ද?
සැලකිය යුතුයි: ග්‍රහන අවස්ථාවකදී පවා කිසිම අයුරකින් සූර්යයා දෙස සෘජුව බැලීමෙන් වලකින්න.
අප්‍රිකාව දකුණු ආසියාව හා මධ්‍යම ආසියාව හරහා පෘථිවි පෘශ්ඨයෙන් වැඩි කොටසක් ආවරණය වන සේ 2010 ජනවාරි මස 15 සිකුරාදා කි.මි. 333 විශාල පථයක වළයාකාර සූර්යග්‍රහණයක් දර්ශණය වීමට
නියමිතය. මෙහි උපරිම ග්‍රහණය කාලය මිනිත්තු 11 තත්පර 08 ක් දිස් වේ.
චන්ද්‍රයා මගින් සූර්යයා සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් අවහිර කිරීමේ සංසිද්ධිය සරලව
සූර්යග්‍රහණයක් ලෙස හදුන්වයි. මෙලෙස අවහිර වීමට නම් අනිවාර්යයෙන්ම චන්ද්‍රයා, සූර්යයා හා පෘථිවිය
මැදට පැමිණිය යුතුය.චන්ද්‍රයා මෙවැනි ආකාරයක පිහිටීමකට පැමිණෙන්නේ අමාවක දිනයන්හිදී ය. මේ
අනුව සූර්යග්‍රහණයක් සිදුවනවා නම් එය සිදුවිය යුත්තේ අනිවාර්යයෙන්ම අමාවක දිනකදීය. නමුත් සෑම
අමාවක දිනකදීම සූර්යග්‍රහණයක් සිදු නොවන බවද ඔබ හොදින් දනී. මේ පිලිබදව අපි පසුව හේතු විමසා
බලමු. ඊට පෙර සූර්යග්‍රහණයක් ඇති වන ආකාරය තරමක් ගැබුරින් සොයා බලමු. ඉහත රූප සටහනෙන් දිස් වන්නේ සූර්යග්‍රහණයක් සිදුවන අවස්ථාවක සූර්යයා, චන්ද්‍රයා හා පෘථිවිය පිහිටන ආකාරය
දැක්වෙන සටහනකි. මෙහි තද අදුරු බවකින් යුත් චන්ද්‍රයාගේ සෙවනැල්ල 'පූර්ණ චායාව' ලෙස හැදින්වේ.
තද බවින් අඩු චන්ද්‍රයාගේ දෙවන සෙවනැල්ල 'උප චායාව' ලෙස හැදින්වේ. චන්ද්‍රයාගේ මේ කුමන
සෙවනැල්ලකට හෝ හසු වී පවතින පෘථිවියේ වෙසෙන පුත්ගලයෙකු හට සූර්යග්‍රහණයක් දර්ශණය වේ.
මුළු පෘථිවියම සැලකූ කල මෙලෙස සෙවනැල්ලෙන් වැසී යන්නේ තරමක් කුඩා බිම් පෙදෙසක් බවද ඔබට
පැහැදිලිය. සූර්යග්‍රහණ සුවිශේෂී වන්නේද මේ ආකාරයට පෘථිවියේ කුඩා බිම් පෙදෙසකට එය පෙනීම
සීමා වන නිසාවෙනි.
සූර්යග්‍රහණ ඇති වන ආකාරය අනුව වර්ග 4ක් පවතී.
එම ආකාර,
පූර්ණ සූර්යග්‍රහණ (Total Solar Eclipse)
වළයාකාර සූර්යග්‍රහණ (Annular Solar Eclipses)
අර්ධ සූර්යග්‍රහණ (Partial Solar Eclipses)
ද්විත්ව ග්‍රහණ (Hybrid Eclipse)
2010 ජනවාරි, වළයාකාර සූර්යග්‍රහණය
ග්‍රහණයේ ගමන් මග
නව දශකයක ආරම්භයත් සමඟම 2010 ජනවාරි මස 15 වන දින ශ්‍රී ලංකාවට වළයාකාර සූර්යග්‍රහණයක් දර්ශණය වීමට නියමිතය.මෙහි උපරිමය ජනවාරි මස 15 වන දින දහවල් 12.56 ට එලඹෙනු ඇත. මෙහි විශේෂත්වය වන්නේ 1955 ජූනි මස 20 වන දින ශ්‍රී ලංකාවට දර්ශණය වූ පූර්ණ සූර්යග්‍රහණයෙන් පසු දර්ශණය වන දැවැන්ත සූර්යග්‍රහණය මෙය වීම හා මීට පෙර මෙවැනි ආකාරයේ වළයාකාර සූර්යග්‍රහණයක් දර්ශණය වී ඇත්තේ අවුරුදු 109 කට පෙර 1901 වර්ශයේදී වීමයි. 1955 ට පසු ශ්‍රී ලංකාවට මෙතෙක් දර්ශණය වූ සියලුම සූර්යග්‍රහණ අර්ධ ඒවාය.
මෙම ග්‍රහණයේ වළයාකාර අවස්ථාව දිස් වන්නේ ශ්‍රී ලංකාවේ යාපනය ප්‍රධාන උතුරුකරයටය. සෙසු ප්‍රදේශ වලට මෙය අර්ධ ලෙසින් දර්ශණය වේ. හලාවත හා ත්‍රීකුනාමලය යා කෙරෙන රේකාවකින් උතුරට මෙය වළයාකාර සූර්යග්‍රහණයකි.
මෙහිදී චන්ද්‍රයා මගින් සූර්යය මුහුණත සම්පූර්ණයෙන්ම වාගේ අවහිර කරනු ලැබුවත් සූර්යය මුහුණතේ ඉතිරි කොටස වලල්ලක් ආකාරයෙන්(ඉහත රූපයේ මෙන්) චන්ද්‍රයාගේ සෙවනැල්ල වටා ඉතිරිව පවතී. වළයාකාර අවස්ථාවක් ඇති වන්නේ පෘථිවිය චන්ද්‍රයා හා සූර්යයා ඉහත පූර්ණ සූර්යග්‍රහණයක් ඇති වන ආකාරයටම ස්ථානගත වන විටය. නමුත් වළයාකාර සූර්යග්‍රහණයක්, පූර්ණ සූර්යග්‍රහණයකින් වෙනස් වීමට හේතුව වන්නේ සූර්යයා සිට චන්ද්‍රයාටත්, චන්ද්‍රයාගේ සිට පෘථිවියටත් පවතින දුර පූර්ණ සූර්යග්‍රහණයකදී පිහිටනවාට වඩා වෙනස් වීම නිසාවෙනි.
ග්‍රහණයේ ගමන් මග හා ශ්‍රී ලංකාවට ග්‍රහණය දර්ශණය වන වේලාවන්.
පහතින් දැක්වෙන්නේ වළයාකාර සූර්යග්‍රහණක අවස්ථා පිළිවෙල හා සිදුරු කැමරාවක් යොදා ගන්නා ලද ග්‍රහණක ප්‍රථිබිම්භයකි.